• 2021.08.02 සිට උපත්, විවාහ, මරණ සහතික පිටපත් ලබාගැනීම මාර්ගගත (ONLINE) ක්‍රමයට ලබා ගත හැකිය.
  • ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා උප්පැන්න, විවාහ මෙන්ම මරණ සහතික ලබා ගැනීමට හැකිය.
  • Visa/ Master card භාවිතා කර මුදල් ගෙවීම.
  • එම සහතික ලියාපදිංචි තැපෑලෙන් ඔබට ලැබෙනු ඇත.සහතිකපත් මුද්‍රිත පිටපත් ලබා ගැනීමට https://online.ebmd.rgd.gov.lk ඔස්සේ දැන් ජනතාවට ලියාපදිංචි විය හැකියි. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් සරල සුහුරු කාර්යක්ෂම ජනතා සේවය බල ගැන්වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි. කොරෝනා වසංගතය පවතින පසුබිමක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මහජනතාවට රාජ්‍ය සේවාවන් ලබාගැනීම පහසු කිරීම සඳහා රාජ්‍ය සේවාවන් ක්‍රමානුකූලව ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා www.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

අමතන්න - 011 288 9518

218374647 1711658712368208 6774209076215311465 n

Scroll To Top